Image Credit: srilankabrief.org

1) චීනයේ කාර්මික යන්ත්‍රය ආයෙත් කැරකෙන්න පටන් අරන්. මාසෙකට වැඩිය වහලා තිබ්බ ෆැක්ටරි ආයෙත් වැඩ. ඒත් ලෝකයේ කර්මාණ්තශාලාව විධියට හඳුන්වන චීනය ඉදිරියේ තියෙන පස්චාත්-කොරෝනා ලෝකය ගොඩක් වෙනස්.

2) ඇමරිකාවයි චීනයයි අතර වෙළඳ අර්බුධය දැන් සීතල යුද්ධයක් විධියට වර්ධනය වෙලා. මේ නිසා චීනය සිය අඩු වියදම් outsource නිෂ්පාදනාගාරය විධියට සලකපු ඇමරිකන් සමාගම් විතරක් නෙමෙයි වෙනත් සංවර්ධිත රටවල සමාගම් චීනයෙන් ඉවත් වෙන එක ඉතා වේගයෙන් සිද්ධවෙනවා. ඒ නිසා වියෙට්නාමය, තායිලන්තය, ඉන්දියාව මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වලට වාසිවෙයි. හැබැයි මේකෙ තව පැත්තක් තියෙනවා. චීනයෙන් විදෙස් නිෂ්පාදකයින් ඉවත් වෙන්න ගත්තේ ට්‍රම්ප්ගේ anti-china trade crusade එකට සෑහෙන්න කලින්. 2016දී චීනයේ ශ්‍රම-පැයක පිරිවැය $5.00. 2020 මුල් කාර්තුව වෙනකොට මේක $6.50කට ඉහල ගිහිල්ලා.

3) චීනය කියන්නේ තව දුරටත් ශ්‍රමය ලාභ රටක් නෙමෙයි. වියෙට්නාම තාමත් ඩොලර් 3 සීමාවේ තියෙන්නේ. තායිලන්තෙ, ඉන්දියාව, ඉන්දුනීසියාව තවත් අඩුයි. ඒ නිසා අඩු එකතුකල අගයක් තියෙන ශ්‍රම සූක්ෂ්ම (low value added – labour intensive) නිෂ්පාදන වලට චීනය සුදුසු නෑ. ඒවා නිෂ්පාදකයින් වැඩි දෙනෙක්දැනටමත් චීනයෙන් ඉවත්වෙලා ඉන්දියාව, බංග්ලාදේශය, කම්පූචියාව, බුරුමය, කෙන්යාව වගේ රටවල් වලට ගිහිල්ලා ඉවරයි. චීනය පසුගිය වසර 10-15 කාලයක ඉඳලම මේ තත්වය දැනගෙන සිටියා. ඒ නිසා තමයි ඔවුන් අති විශාල මුදල් සම්භාරයක් රටේ පර්යේෂණ, සංවර්ධන, නවෝත්පාදන, නව තාක්ෂණය සඳහා ආයෝජනය කලේ.

4) අවුරුදු 10ක් 15ක් කරපු මේ ආයෝජන නිසා දැන් චීනය ලෝකයේ පේටන්ට් බලපත්‍ර අයදුම් රටවල් අතරින් ඉදිරියටම ඇවිල්ලා. 2019 අවුරුද්දේදී චීනය පලවෙනි වතාවට ඇමරිකාවට වඩා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒය ගණනින් පේටන්ට් බලපත්‍ර අයදුම් 58,990ක් බව World Intellectual Property Organization වාර්ෂික වාර්තාවේ තියෙනවා. චීනය අවුරුදු 10-15ක ඉඳලම රට ලාභ ශ්‍රමයෙන් දුවන කර්මාණ්ත පිරුණු රටක් වෙනුවට ඉතා ඉහල එකතුකල අගයක් තියෙන, නව නිපයුම් හා අධිතාක්ෂණික භාණ්ඩ නිශ්පාදනය කරන රටක් බවට පරිවර්තනය කරන්න සැළසුම් කලා.

05) දැන් ඒ සැලසුම් වල උපරිමයට ඇවිල්ලා. American, Europoean ෆැක්ටරි චීනෙන් ගැලවිලා එලියට යනකොට ඒවා වෙනුවට චීනයේ අධිතාක්ෂණික නිෂ්පාදන සිදුකරන සමාගම් ඒ තැන්වලට ස්ථානගත කරන සූක්ෂම වැඩපිලිවෙලක් දැන් ක්‍රියාත්මකයි. චීනයේ සැලැස්ම වෙන්නේ මීලඟ අවුරුදු 10-15 ඇතුලත අධිතාක්ෂණික නිර්මාණ, නවෝත්පාදන හා විශාල එකතුකල අගයන් තියෙන භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරන, අඩු එකතුකල අගයන් තියෙන බොහෝ දෑ ආනයනය කරන, ඉහල පාරිභෝජන රටාවන් තියෙන, දැනුම් කේන්ද්‍රී ආර්ථිකයක් තියෙන රටක් බවට පත් කරන්න. ඒ කියන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ජපානය වගේ රටක් බවට පත්වෙන්න.

06) Belt and Road Intiative (BRI) සැලැස්ම ගැලපෙන්නේ ඔතනදී. චීනෙන් ගැලවෙන්නේ ඇමරිකන්, යුරෝපා ලාභ ශ්‍රම ෆැක්ටරි විතරක් නෙමෙයි, දසදහස් ගණන් චීන සමාගම් වලටත් චීනයේ ශ්‍රම පිරිවැය (labour cost) දරාගෙන ලාභ ගන්න බෑ. එතකොට ඒ ෆැක්ටරි යන්නේ කොහෙටද? චීනයේ දිර්ඝකාලීන උපායමාර්ගික සැලැස්මට අනුව ඒවා යන්නේ.

07) BRI එක යටතේ ආසියාව පුරා නිර්මාණය වෙන වරායන්, අධිවේගීමාර්ග හා ගුවන්තොටුපොලවල් වලින් සම්බන්ධ වෙන චීනයේ සමාගම් වලට සුවිශේෂී පහසුකම් ලැබෙන කර්මාණ්ත පුරවලට. මේවායේ නිපදවෙන අඩු එකතුකල අගයන් තියෙන භාණ්ඩ, අමුද්‍රව්‍ය හා චීන කර්මික නිෂ්පාදන වලට අවශ්‍ය උපාංග කොටස්, BRI වරායන් හා අධිවේගී මාර්ග හරහා වේගයෙන් චීනයේ කර්මාණ්ත පුරවරයන් වෙත හා ජනාකීර්ණ නගර වෙත ගෙනියන්න පුලුවන්.

08) මේ නිසා තමයි චීනයේ දිර්ඝකාලීන උපායමාර්ග බොහොම සූක්ෂම විධියට අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් BRI ව්‍යාපෘතිය වෙනත් අය BRI අර්ථකතනය කරනවාට වඩා බොහොම වෙනස් විධියකට අර්ථකතනය කරන්නේ චීනය BRI ව්‍යාපෘතිය නිර්මාණය කරන්නේ චීනයේ හදන ලාභ බඩු ලෝකෙ පුරා යවන්න නෙමෙයි. චීනයේ සමාගම් චීනයෙන් පිට අඩු පිරිවැය රටවල හදන දේවල් ඉතාමත් ඉක්මණින් චීනයට ගෙන්වා ගන්න.

09)BRI යුධමය අරමුණ මොනවා වුනත් ආර්ථිකමය අරමුණු මේ විධියයි. අවුරුදු 4ක් වගේ කෙටි කාලෙකට බලයට එන ඇමරිකන් ජනාධිපති කෙනෙකුට මේවගේ දීර්ඝකාලීන සැලසුම් කරන්නත් බෑ, ඒවා තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්නත් බෑ. එයාලගෙ එකම අරමුණ අවුරුදු 4කින් ආයෙ එන ඊලඟ චන්දෙන් දෙවෙනි වරට දිනන්නේ කොහොමද කියන එක විතරයි.

Editor’s note: The article reflects the authors’ opinions, and not necessarily the views of BRISL. Text Credit : @BizColombo / Photo Credit: Srilankabrief.org